වසර කිහිපයකට පෙර ආරම්භ කරන ලද මේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීම මා අතින් සිදු නොවුණි. විවිධ කාරණා කටයුතු රාශියක් නිසාවෙනි. නැවත මේ බ්ලොග් අවකාශය පරිහරණය කිරීමට සිතුවෙමි. විවිධ මාධ්‍යයන් හරහා පළ කරන ලද ලේඛන කියවන සහෘදයන් ඉඳ හිට මා අමතති. මා ලියූ සටහන් සියල්ල කියවන්නට තැනක් නැත්දැයි එවන් අවස්ථාවල ඔවුන් විමසති. මෙලෙස මා ඇමතූ මා සන්මිත්‍ර මිගාර බමුණුසිංහ සොයුරා ද එලෙස විමසුවේ ය. 

එබැවින් නැවත බ්ලොග් අඩවිය වෙත එන්නට සිතුවෙමි. 

ඔබ එක්වන්නේ නම් තුටු පහටු වෙමි. 

සඳුන් ප්‍රියංකර විතානගේ